ආමි එකේ කුපාඩි නංගි

Xxxxx,

Xxxxx,

xxxxxx.

දුරකථනය මගින් නින්දිත ලෙස බැණවැදීමකට ලක්වීම සම්බන්ධයෙනි.

xxxxxxxxxxxxxxxxxxx වන මම සිංහල බෞද්ධයෙකු වන අතර මාගේ ජාතික හැඳුනුම්පත් අංකය xxxxxxxxx V වේ. මම දැනට xxxxxxxx,xxxxxx,xxxxxxxxx. යන ලිපිනයෙහි අනුබද්ධ xxxxxx සමාගමක xxxxxxxxxxxxx ලෙස සේවය කරනු ලබයි.මාගේ දුරකථන අංකය පහත දක්වමි

මා විසින් මිතුරෙකුගේ ජංගම දුරකථනයක් ඔස්සේ 2017.08.11 දින සවස 07.04 077-xxxxxx යන අංකය හිමි සේවකයෙකු හට ඇමතීමට යාමේදී මා අතින් සිදුවූ අත්වැරද්දක් හේතුකොටගෙන 076-xxxxxx යන දුරකථන අංකය වෙත ඇමතුම සම්බන්ධ විය, නමුත් එහිදී අනිත් පසින් දුරකතනයට පිළිතුරු දුන්නේ කාන්තාවක් බැවින් තත්පර 58 කාලයක් නොකඩවා මාහට ඉතාපහත් ලෙස බැණ වදින ලදී. සිදුවූ දෙය සිතා ගැනීමටත් නොහැකිව වික්ෂිප්තව සිටි මා නැවතත් 07.09 එම අංකයටම ගෙන සිදුවූ වරද නිවැරදි කිරීමට යාමේදී නැවතත් ආවේගශීලි ලෙස ඉතා පහත් වචන වලින් නින්දිත ලෙස මාහට තත්පර 42 කාලයක් අමතන ලදී.එම සිදුවීම නිසා දැඩි ලෙස සේවකන් හා වැඩකරන ස්ථානය තුල අපහසුතාවයට පත්වූ මා නැවතත් මා නැවතී සිටින නේවාසිකාගාරයට පැමිණි අවස්ථාවේ රාත්‍රී 10.20 පමණ IMO තාක්ෂනය ඔස්සේ නැවත වතාවක් මාගේ මිතුරාගේ දුරකතනයට ඇය විසින් ගෙන ඇය යුධ හමුදාවේ සේවය කරන බව පවසා ඉතාපහත් ලෙස නැවතත් අපහට බැනවැදුණු අතර ඇයහට සිදුවූ දෙය වටහා දීමට යාමෙන් තව තවත් අපහට තර්ජන කරනු ලැබුවා. ඇයගේ දුරකතන අංකය ඔස්සේ සොයා බැලීමේදී වාද්දුව ප්‍රදේශයේ ජිවත්වන බව දක්වා තිබුණු අතර ඇයගේ නමමිලානි නෙතුසලාබවත් ඇය ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන බව මුහුනුපොතේ දක්වා තිබුණි. නමුත් මා හට ඇති ගැටලුව වනුයේ විනයගරුක හමුදාවක් සිටින රටේ මේ ආකාරයට ඉතා තුච්ඡ ලෙස හමුදාවේ නම යොදා ගනිමින් තර්ජනය කරනුයේ සත්‍යය ලෙසම හමුදා සාමජිකාවක්ද මැරවරියක්ද?යන්නයි.මහත්මයානණනි මා දැනට ජාත්‍යන්තර පුවත් සපයන මාධ්‍යායතනයක පුවත් සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරයි. එබැවින් හමුදාවේ කිර්තිනාමය විනාශ වන අන්දමට කටයුතු කරන මෙවැනි අයවලුන් හට කාරුණිකව අවවාද කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මෙයට විශ්වාසී,

xxxxxxxxxx

(දු.අංකය xxxxxxxxxx)

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *