රවීගේ වලං හෝදන සිවුරුහොරා ….

ඉංග්‍රීසින්ගෙන් අප ජාතියක් වශයෙන් ස්වාධීනව අවුරුදු 69ක් ගතව ඇතත් පෙර නොතිබුණු වහල්කම් සමහර අතරින් පතර සමාජයේ ජිවත්වන ජන කොට්ඨාශ දෙස බැලුවොතින් දැකගැනීමට අපට පපුළුවන්. මෙසේ කීමට අප අදහස් කලේ මේ රට තුල ඕනෑම ජරාවැඩක් කර මුදල් වියඳම් කිරීමට හැකිනම්, ඔහු හෝ ඇය මේ සමාජයට වැරදි කරුවෙකු නොවේ මන්දයත්, ඔහු වටා එහෙයියන් රැළක් නිරන්තරව සිටගන්නා බැවිණි.එනම් වහල් කම තව දුරටත් අප රුධිරය තුල දුවන බැවිණි. රවී කරුණානායක අද ඉල්ලා අස්වී ඇත නමුත් ඔහුගේ හොරකම සාධාරණිකරණය කිරීමට බුරුතු පිටින් ආධාරකරුවන් , රටේ ප්‍රසිද්ධ චරිත , පුජ්‍ය පක්ෂය සැදී පැහැදී සිටී.මෙහි ඇති සධාචාරත්මක බව කුමක්ද? වරෙක කොසොල් රජතුමා දුටු සිහින 16 යෙන් 11 වැනි සිහිනයේ මෙලෙස දැක්වුනා.

කොසොල් රජතුමා : ඉතාමත් වටිනා සුදු සඳුන් කොටයක් පිළුණු වූ දුගඳ හමන කුණු මෝරු කළයකට හුවමාරු කරනවා මම සිහිනයෙන් දුටුවා එහි ඇති අරුත කුමක්ද?

බුදුන් වහන්සේ : අනාගතයේ මාගේ සාසනයේ බොහෝ භික්ෂුන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරනවා,පස්කම් ලබා ගැනීම සඳහා සිවුරු දරනවා, ශාස්තෘවරයන්ගේ ධර්මය ලාභයට මුදලට යටත් කිරීම මෙම සිහිනයේ අනාගත ප්‍රතිඵලයයි

හොරුන්ගේ අත්වල පිරිත් නූල් බැන්දාට අපට කමක් නැත එහි වරදක් අප නොදකින නමුත් ඔහුගේ කළ වැරදි මකා සුදු හුණු ගෑමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නැත.කණගාටුවට කරුණ නම් ගමේ කෙසෙල් කැන කපන හොරාගේ ගෙදර පාංශු කූලය දීමට නොවඩින හාමුදුරුවරු කෝටි ගණන් මුදල් හොරකන් කරන එවුන්ගේ ගුබ්බෑයම් වල වලං හෝදමින්, බුදුසරණ යන හැටි අපට උගන්වන්නට ඒමයි. එසේ කිරීමට එම සිව්රු හොරුන්ට ඇති අයිතිය කුමක්ද? කාගේ බලයක්ද? බුදුහිමියන් අද පහළ උවත් උන්වහන්සේටත් බුදුදහම උගන්වන්න පුළුවන් කල්ලතෝණි සිවුරු හොරුන්ගෙන් සමාජය බේරා ගැනීමට සටන් වදිමු.

එල්.ඉඳුරුව

Share

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*